කල්පනා කරා ගෙදර ඉද්දි නිදහසක් හම්බවෙන මේ කාලේ ඉගනගත්ත දෙයක් ඔයාලා එක්ක බෙදාගන්න. ඔයාලගේ දැනුමත් එක්ක මගේ දැනුමත් එකතු කරන් Knowledge එක ශෙයා කරගෙන ඉස්සරහට යන් කල්පනාකලා. මගේ මුල්ම පාඩම් මාලාව Vmware Virtualization වලට යන්න හදන්නේ...
මොකද්ද මේ VMware කියන්නේ. .
අපි බලමු.මම මුලම සරලව ඉදලා කියන්න යන්නෑ.ගොඩක් මේ පෝස්ට් එක බලන්නේ SE දැනුමක් තියන අය නිසා. අපි සරලව කතාවට බහිමු. ඔයා ලග 128GB RAM ධාරිතාවක් හා හොද ප්‍රොසෙස්ර් ස්පීඩ් එකක් , හොද හාඩ් කැපැසිටි එකක් තියන සර්වර් එකක් තියනවා හිතන්න. ඔබට තනි විදිහට මේකේ OS එකක් දාලා ( Windows or Linux or Unix වේවා) නිර්මාණය කරනවට වඩා මෙහි තව OS දෙක තුනක් දාලා තව සර්වර් තුන හතරක් හෝ දුවාගන්න පුලුවන් නම් වටිනවා නෙහ්. ඒක ගැන තමා අපි අද පාඩම් මාලාව පටන් ගන්න හදන්නේ.. මම Vmware NSX ඉදලා vSAN , Cloud දක්වා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. තියන වැඩත් එක්ක පෝස්ට් එකක් හදන එත පරක්කු වෙන්න පුලුවන්. Office වැඩත් , අධ්‍යාපනය කටයුතුත් කරගෙන යන නිසා. මාගේ දැනුම පරිදි මම ඉස්සරහට මේක අරන් යන්න බලාපොරොත්තු වෙනවා.
ඇයි අපි Virtualization පාවිච්චි කරන්න ඕන. මොනවද ලැබෙන ප්‍රතිලාබ
1) ඵලදායි තාව වැඩි කරගන්න ( Speed / Time )
2) Hardware Cost එක අඩු කරන්න
3) සැලකිය යුතු බලශක්ති පිරිවැයක් අඩුකරන්න
4) ඒ වගේම යන cost එක සැලකිය යුතු ලෙස අඩු කරගන්න
5) improved Disaster Recovery (Backup Solution etc)
ලොකයේ Virtualization වලට භාවිතා කරන ජනප්‍රියම මෘදුකාංග හතරක් තමයි මේ Hyper V , Oracle , Redhat Virtualization සහ Wmware. මේ platform Cloud වලටත් අයත් වෙනවා.ඒ වගේම මෙම මෘදුකාංග වල අයිතීන් මේ ආකාරයට බෙදිලා යනවා..
HyperV - ආරම්භය 1975 අප්‍රේල් 4 New Mexico USA හිමිකම් සියල්ල Microsoft Corporation සතුය
Oracle - ආරම්භය 1977 ජුනි 16 Santa Clara USA හිමිකම් සියල්ල Oracle Corporation සතුය
Redhat - 1993දී ආර්භකල මුලදි බහුජාතික සමාගමක් වුවද 2019 ජූලි 9 වන දින Raleigh, USA එහි කොටස් IBM සමාගම මිලදී ගන්නවා. එතැන් සිට හිමිකම් සියල්ල IBM සමාගම සතුවෙනවා.
WMware : ආරම්භය Paloalto US 1998 ඔක්තොම්බර් 26 VMware Inc මෙහි බහුතර කොටස් හිමිකම් Dell Technologies සතු වේ.
(ඔතන රෑන්ක් පිලිවෙලට නෙමේ තියෙන්නේ)
හරි ඔය වගේ තමා World Top Rank ගහලා ඉන්න Virtualization කට්ටිය හැදුනේ හා එහි හිමිකම් හිමිවෙලා තියෙන්නේ.මේ අතරින් අපි කතා කරන්න යන්නේ VMware ගැන.දැනට ලොකේ ජනප්‍රියම Virtualization platform එකක්. මුලින්ම අපි බලමු අර උඩ කිව්ව විදිහට කොහොමද මේක අපේ සර්වර් එකක්ට Install කරගන්නේ කියලා.මේ Vmware ලාගේ Virtualization Software කෑලි හතකට කැඩෙනවා.
ඒවා නම්
1) Vmware ESXi
2) Vmware Vsphere
3) Vmware Fusion
4) Vmware Player
5) Vmware ThinApp
6) Vmware View
7) Vmware infrastructure
මෙතන Vmware Cloud නැත්තේ ඇයි අහන්න එපා. ඒක ගැන ඉස්සරහට මම කතා කරන්නම් ඉදිරි ලිපි වලදි.
මේ අතරින් මම මුලි කොටසින් ගේන්නේ Vmware ESXi හා Vmware vSphere ගැන.අපි දැන් බලමු මේ ESXi Install කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට කරන්න තියෙන්නේ Vmware site එකට ගිහින් (www.wmware.com) ඔයා එකවුන්ට් එකක් හදාගෙන රෙජිස්ටර් වෙන්න ඕන. මේක Free Register එකක්..ඒක.නිසා සතපහක වියදමක්වත් යන්නෑ ඔයාටලට. ඊට පස්සේ අපි පුලුවන් මෙන්න මේ ලින්ක් එකට ගිහින් ESXi දැනට ලේටස් වර්ශන් එකක් හෝ ඊට පසු එකක් පාවිච්චි කරන්න.මම රෙකමන්ඩ් කරන්නේ නම් 6 or ඊට වඩා ඉහල එකක් ගන්න කියලා.මොකද ඉදිරියට අපි කතා කරන්න ඉන්න ෆිචර්ස් පරණ වර්ශන් එකේ නැහැ. මම Office එකේ Vmware 5.00 එක හා 6.7 දෙකම පාවිච්චි කරන නිසා ඒ ගැන කුජීත අද්දැකීම් තියනවා.
හරි අපි මේක ඩවුන්ලොඩ් කරාට පස්සේ අපිට මේක Bootable Disk එකක හෝ Pen Drive එකකට හදාගන්න වෙනවා. ඒකත් හදාගන්න හැටි මම කියන්න යන්නෑ.මොකද ඒක නොදන්නවා නම් මෙතනින්ම මේ පෝස්ට් එක බලන එක නතරකරන්න. පස්සේ අපි සාමාන්‍ය වින්ඩෝස් දාන ක්‍රමයටම බූට් කරගෙන මේක අපි දාන්න යන සර්වර් එකට ඉන්ස්ටෝල් කරගන්න තියෙන්නේ.
අනික් එක ඔයා මේක Realtime ම පාවිච්චි කරන්න යනවා නම් RAID 5 එකක් වත් ගහලා ඉන්න.මොකද ඒක ගොඩක් හොදයි.Server Disk Failure එකක් ඇවිත් Vm Disk එකකට කෙලවුනොත් VM HA (High Availability) එකක් නැතුව සේරම කෙලවෙනවා.
තව සැලකිය යුතු දෙයක් තියනවා මේ ESXi දාගන්න ඔයාගේ සර්වර් එකේ 10GB හෝ ඊට එහා රැම් ධාරිතාවක් අවශ්‍යයි..නැත්තං මේක ඔයාට Install කරන්න බෑ. ඔයා ලැප් එකක , Desktop එකක මේක දාලා.ටෙස්ට් කරනවා නම් ඔයාගේ ලැප් එකේ හෝ Desktop එකේ රැම් එක අවමයි 14GB or 16GB තිබිය යුතුමයි. මොකද හරියටම 10GB හදාගෙන මේක හදලා Virtual Machine එක ඔන් කරපු ගමන් ලැප් එකටයි Desktop එකටයි බුදුසරණයි. ඒක නිසා මේක ටෙස්ට් කරලා බලන්න ඕන නම් ඒ ආකාරයෙන් රැම් ධාරිතාවක් අවශ්‍ය වෙනවා. හරි අපි මේක නෝමල් Install කර ගත්තට පස්සේ ඔයාට මේකේ හම්බවෙන්නේ Web Interface එකක්. මේ Web interface එකට යන්න කලින් ඔයා මේ ESXi එකේ Configuration කිහිපයක් තියනවා කරන්න. මේක කරගන්න වෙනවා. ඔයා Network ගැන හදාරන කෙනෙක් නම් , ඉගනගත්ත කෙනෙක් නම් මේ ගැන ලොකුවට හිතන්න ඕන නෑ. ඔයාගේ IPs ටික දාගන්න තියෙන්නේ . IP එකයි Subnets ටිකයි gateway එකයි දාගත්තා නම් ඉතින් එච්චරයි
Service Restart කීරීම , IP මාරැ කිරීම් ආදිය ඇරෙන්න අනෙකුත් සියලුම දේවල් මේ Web interface එකේදී කරන්න පුලුවන් පහසුකම් දීලා තියනවා. තව එකක් ඔයාලා දැම්මේ Vmware ESXI 5.5 හෝ ඊට අඩු Version එකක් නම් ඔයාලට මේ Web interface එක හම්බවෙන්නෑ.ඔන්න මම අර උඩ ඔයාටල කිව්ව V6.00 වඩා අඩු ඒවා පාවිච්චි කරන්න එපා කියලා ඒකට එක හේතුවක් දැන් ඇවිල්ලා තියනවා ඔයාට ඒ වෙනුවට wmware Site එකට ගිහින් vsphere Client ඩවුන්ලෝඩ් කරගන්න වෙනවා. ඒකේ ලින්ක් එකත් මම පහලින් දාන්නම්. හරි මේ විදිහට Configuration ටික කරගත්තට පස්සේ ඔයාට පුලුවන් ඔයාගේ Username එකයි පාස්වර්ඩ් එකයි ගහලා ESXI එකට ලොග් වෙන්න. Username ඔයාට දාන්න බැහැ Username එන්නේ root ඒකත් මතක තියන් ඉන්න නිකමට. හරි මේ වගේ Interface එකක් ඔයාලා ලගත් ඇති..
මම Vsphere Client එකෙත් SS එකක් දාන්නම්..
පරණ එක කොහොමද කියලා..මම කපලා කොටලා තියෙන්නේ Personal දේවල් හිතන්න එලා..මගේ වගේ සර්වර්ස් දැක ගන්න බැරි වුනත් මේ වගේ Interface එකක් දැන් ඔයාලට ලැබිලා ඇති කියලා මම හිතනවා. හරි අදට මම මේ ලිපිය නවත්තනවා. ඊලග කොටසින් කොහොමද Vm එකක් හදන්නේ , Vm Network Configuration කරන විදිහ , ESXI එකේ තියන මූලික අංග ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා.එතකන් මේක ඔබලා කරලා බලන්න මොනාද තියෙන්නේ කියලා 😁😁 ලිපිය හොද නම් කමෙන්ට් එකක් දාගෙන යන්න.මේ ලිපියේ ප්‍රශ්න තියනවා නම් මට මිස් වුන තැන් කියනවා නම් කියන්න., අහන්න..
එහෙනම් හැමෝටම ජය. 👋👋🤗❤️
Downlod ESXi 6.7
Downlod vmware vsphere clients
FB : Lahiru Madushan
Email : tharakalahiru5@gmail.com
Comments
Post a Comment